කාශ්මීර අර්බුදයේදී සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පැවැසීය.
පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂී මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
චීනය පසුගිය සිකුරාදා කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට සහාය පළ කළේය. කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මීට පෙර ඉදිරිපත් වී තිබෙන යෝජනා, ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන ද්විපාර්ශවීය ගිවිසුම් සහ 1972 වසරේදී අත්සන් තබන ෂිම්ලා සම්මුතිය යනාදිය සැලකිල්ලට ගනිමින් චීනය අදාළ යෝජනාවට සහාය පළ කර තිබිණි.
ඉන්දියාව ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන නොහොඳ නෝක්කාඩු උග්‍ර අතට හැරිණි.
ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාකිස්තාන විදේශ අමාත්‍යවරයා හදිසියේම චීනයේ සංචාරයක නිරත විය. එහිදි දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර කාශ්මීරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර කාශ්මීරය අර්බුදයේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බව එහිදි චීන විදේශ අමාත්‍යවරයා සහතික වී ඇත.
‘ද හින්දු ඇසුරිනි’
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාශ්මීර අර්බුදයේදී සාධාරණත්වය වෙනුවෙන් චීනයේ සහාය