ගල්ෆ් කළාපයේදි තවත් විදෙස් නෞකාවක් අත්අඩංගුවට ගත් බව ඉරාන නාවික හමුදාව පවසයි.
එය අරාබි රටවල් වෙත හොර රහසේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවද ඔවුහු කියති.
නැවේ ඉන්ධන ලීටර් 700,000ක් තිබූ බවත් එහි සිටි නාවිකයින් හත්දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉරානය වැඩිදුරටත් සඳහන් කරයි.
හොර රහසේ ඉන්ධන ප්‍රවාහනය කරන යාත්‍රාවක් ඉරානය අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය වේ.
පසුගිය ජූලි 13වනදා ද ඉරාන වෙරළාරක්ෂක භටයෝ පැනමා ධජය යටතේ යාත්‍රාකළ නෞකාවක් අල්ලා ගත්හ.
ධීවර යාත්‍රාවක් හා ගැටුණු බව පවසමින් බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් ද පසුගිය මාසයේදී ඉරානය අත්අඩංගුවට ගන්න ලදී.
ඇමරිකාව ඉරානයේ ඉන්ධන ගනුදෙනු සම්බන්ධව පනවා තිබූ සම්බාධක තර කරනු ලැබූ අතර එයින් පසු මෙම සිද්ධිය වාර්තා වූ බව විචාරකයෝ සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමෙනිගේ ගෙදරට මිසයිල 10ක් විතර බැස්සුවා නම් වැඩේ ඉවරයිනේ...
කමනි ගේ කතාව ඇත්ත, බටහිර රටවල් අපිව හූරන් කන්න බලන් හිටපු හැම වෙලාවේම ඉරානය අපිට නිතර උදව් කල රටක්. බටහිර රටවල් දේවල් දෙන්නේ ඊට වඩා දෙයක් අපෙන් නිතරම ගන්න බලන්