එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නිර්දේශ මාර්ගයෙන් කාශ්මීර අර්බුදය විසඳීමට පියවර ගන්නැයි එක්සත් රාජධානියේ විපක්ෂ නායක වන ජෙරමි කෝබින් මහතා පවසයි.
කාශ්මීර ජනතාවට අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් මෙම අර්බුදය විසඳීමට පියවර ගන්නැයි ද ඔහු කියයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් එරට කම්කරු පක්ෂයේ ද නායකයා වන ජෙරමි කෝබින් මේ බව සඳහන් කර තිබේ.
“කාශ්මීරයේ තත්ත්වය එන්න එන්නම කනගාටුදායක අතට හැරෙමින් තිබෙනවා. එහි සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිගන්න බැහැ. කාශ්මීර ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන්න ඕනේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ” යැයි ජෙරමි කෝබින් තැබූ ට්විටර් පණිවුඩයක දැක්විණි.
ජෙරම් කෝබින්ගේ ප්‍රකාශය එක්සත් රාජධානියේ සිටින ඉන්දීය සම්භවයක් සහිත පුරවැසියන්ගේ දැඩි අවධානයට යොමු වී සිටින අතර ඇතැමුන්ගෙන් කෝබින්ට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. කෝබින් “ඉන්දීය විරෝධී ප්‍රශ්නයක්” ලෝකයට පෙන්නුම් කිරීමට උත්සාහ කරන බවට ඇතැම් පිරිස් පවසා ඇත.
කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ඉන්දියාව කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීම සහ ජම්මු සහ කාශ්මීරයේ සන්නිවේදන ජාල අවහිර කිරීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබිණි.
කම්කරු පක්ෂයේ නායක සහ විපක්ෂ නායක ජෙරම් කෝබින් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් නිසා කන්සවටිව් පක්ෂයේ බොබ් බ්ලැක්මන් කාශ්මීරයේ තත්ත්වය පහදමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ලිපියක් යවා ඇත.
‘ද හින්දු ඇසුරිනි’
055

2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘එක්සත් ජාතීන්ගේ නිර්දේශ අනුව කාශ්මීර අර්බුදය විසඳන්න’