නවසීලන්තයේ, ඔටාගෝ ප්‍රාන්තයෙන් ලොව විශාලතම ගිරා පොසිලය හමුවී ඇතැයිද, මෙම පොසිලය වසර මිලියන 19කට වඩා පැරණි බව පොසිල විද්‍යාඥයෝ පවසති.
මෙම ගිරවා අඩි 3ක් පමණ උස, රාත්තල් 15.5ක් පමණ බර පක්ෂියකු බවද විශාල හොටය යොදාගනිමින් ආහාර ගත් බවද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඔටාගෝ ප්‍රදේශය මයෝසීන අවධියේ පක්ෂී පොසිල හමුවූ ප්‍රදේශයක් බවද ඔවුහු කියති.
හර්කියුලියස්ගේ ප්‍රමාණය සහ ශක්තිමත් බව අනුව යමින් මෙම ගිරවාට හෙරක්ලීස් නම යොදා තිබේ.
“නවසීලන්තය, විශාල පක්ෂීන්ට ඉතා ප්‍රසිද්ධ රටක්. ගෘහාෂිතව ඇතිකරන පක්ෂීන් පමණක් නොවෙයි, අහසේ විශාල රාජාලියන් අරක්ගෙන සිටිද්දී, වනාන්තරවල ජීවත්වුණේ එවැනි විශාල කුරුල්ලන්. නමුත් මේ වනතුරු කිසිවකු මේ තරම් විශාල ගිරා පොසිලයක් සොයාගෙන තිබුණේ නැහැ” යැයි ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩ්ර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ට්‍රේවර් වර්ති මහතා කියාසිටී.
(සීඑන්එන් ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලොව විශාලතම ගිරා පොසිලය හමුවේ