යුරෝපය පුරා මේ දිනවල ඇතිවී තිබෙන දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෙදර්ලන්තයේ පසුගිය සතිය ඇතුළත 400ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
නෙදර්ලන්තයේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසන්නේ ජූලි 22 වැනිදා සිට මේ දක්වා මියගිය ගනන 2,964ක් ලෙස සටහන් වී ඇති බවයි.
මෙය සාමාන්‍ය ග්‍රීෂ්ම සෘතුවකදී සතියකට මියයන සංඛ්‍යාවට වඩා 15% කින් වැඩිවීමක් බවද ඔවුහු පවසති.
පසුගිය ජූලි 25 වැනි දා නෙදර්ලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගිය අතර එය මින්පෙර කිසිම දිනක වාර්තා නොවුණු උෂ්ණත්ව වැඩිවීමක් බව සඳහන් වේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නෙදර්ලන්තයේ නැගෙනහිර ප්‍රදේශයෙන් වන අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය රටේ අනෙකුත් ප්‍රදේශ වලට වඩා ඉහළ අගයක් ගත් බව කාලගුණ විශේෂඥයෝ පවසති.
මෙය යුරෝපයේ මාසයක් ඇතුළත උෂ්ණත්ව ඉහළ ගිය දෙවන අවස්ථාව වේ.
පෘථිවියේ ගෝලීය උණුසුම ඉහළයෑම හේතුවෙන් මෙවැනි තත්ත්ව දිගින් දිගටම ඇතිවිය හැකි බවට ද විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දැඩි උණුසුමින් නෙදර්ලන්තයේ 400 ක් මරුට