සුඩානයට තිරිඟු පිටි ටොන් 540,000ක් යැවීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත.
දීර්ඝ කාලයක් මුළුල්ලේ සුඩානය පාලනය හෙබ වූ ඕමාර් අල් බෂීර් බලයෙන් නෙරපා දැමීමත් සමඟ සුඩානයට ආධාර ලබාදීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොරොන්දු විය. මෙලෙස තිරිඟු පිටි එවීමට එම රටවල් පියවර ගෙන ඇත්තේ එම පොරොන්දුවලට අනුවය. ඉදිරියේදී සුඩානයට තවත් ආධාර ලබාදීමට එම රටවල් තීරණය කර ඇත.
“සුඩාන ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා සලකා බලමින් මාස තුනක කාලයක් සඳහා තිරිඟු පිටි ටොන් 540,000ක් ලබාදීමට පියවර ගත්තා” යැයි සෞදි අරාබියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ටොන් 140,000 ක පළමු තිරිඟු පිටි තොගය නැව් ගත කර සුඩානයට පිටත් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
බෂීර් බලයෙන් නෙරපා දැමීමත් සමඟ සුඩානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආධාර ලබාදීමට තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයේ රටවල් දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය පොරොන්දු විය. සුඩානයට තිරිඟු පිටි යැවෙන්නේ ඒ අනුවය.
සුඩාන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මූල්‍ය වටිනාකමක් සහිත ආහාර, ඖෂධ සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ලබාදීමටත් එම රටවල් දෙක සුඩානයට පොරොන්දු විය.
කෙසේ නමුත් එම මුදල් ත්‍යාගයක් හෝ ණය මුදලක් ද යන වග කිසිදු රටක් නිශ්චිතව සඳහන් කළේ නැත.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සෞදිය - එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයට තිරිඟු පිටි යවයි