සිම්බාබ්වේ වෙසෙන පුද්ගලයන්ගෙන් මිලියන 5ක්, එනම් සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක්, ආහාර අහේනියකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බොහෝ රටවල් ආහාර අහේනියක් කරා ගමන්කරමින් ඇති බවද, බහුතරය හදිසි අවදානම් තත්වයක පවතින බවද, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනනෙහි ප්‍රධානී ඩේවිඩ් බේස්ලි මහතා පැවසීය.
මේ රටවල් අතරින් සිම්බාබ්වේ වසර ගණනාවක් තිස්සේ කුසගින්නෙන් පෙළෙන බව ද ඔහු කීය.
අස්වනු නෙළීමට ආසන්න සමයේදී පැමිණි නියගයෙන් බලපෑම් එල්ල වූ බවද, වෙළඳපොළෙහි ආහාර වෙනුවෙන් පවතින මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවද, මේවනවිට එම රට ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින බවද වාර්තා වේ.
සිම්බාබ්වේ මිලියන දෙකකට අධික ජනතාවක් හාමතේ හිණිපෙත්තේ සිටින බව බේස්ලි මහතා වැඩිදුරටත් පැවසීය.
මලාවි සහ මොසැම්බික් රාජ්‍යයන්ට බලපෑ දරුණු කුණාටු හේතුවෙන්, සිම්බාබ්වේවැසියන් 570,000ක පීඩාවට පත්වූ බවත්, දස දහසකට අධික පිරිසකට නිවාස පවා නොමැති වූ බවත් වාර්තා වේ.
පසුගිය සතියේ සිම්බාබ්වේ මූල්‍ය අමාත්‍යවරයා වන මියුතුලි නිකියුබ් මහතා පැවසුවේ, ග්‍රාමීය සහ නාගරික නිවාස 757,000කට රජය මගින් ධාන්‍ය ලබාදෙන බවය.
(බීබීසී ඇසුරිනි)
16844


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිම්බාබ්වේ මිලියන 5ක් හාමතේ