ඉන්දියාවේ චෙන්නායි නුවරදී අතුරුදන්වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයකු සම්බන්ධයෙන් චෙන්නායි ගුවන් තොටුපල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි එරට ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය අද (15) වාර්තා කළේය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන ලාංකික තරුණයෙකි. මොහු ඉකුත් ජූලි මාසයේ සිට අතුරුදන් බවද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එම තරුණයා ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ගුවන් තොටුපලට ගොස් ඇති අතර පසුව සිය ඥාතීන් පිරිසක් මුණ ගැසීම සඳහා චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
කෙසේවෙතත් චෙන්නායි ගුවන් තොටුපලට ළඟා වූ තම පුත‍්‍රයා එම ඥාතී නිවසට පැමිණ නොමැති බවට ඔහුගේ මවට අනාවරණය වී ඇති අතර ඒ අනුව ඇය විසින් චෙන්නායි ගුවන් තොටුපල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.
චෙන්නායි ගුවන් තොටුපල පොලිසිය ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී.) දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd