IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සයනයිඩ් උගුල් යොදා වනසතුන් මරාදැමීමට ට්‍රම්ප් කෲර තීරණයක

සතුන් සුරැකීමේ කණ්ඩායම් මගින් ප්‍රබලව එල්ල කරන ලද විරෝධය නොසලකා හරිමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන තන්ත්‍රය, ‘සයනයිඩ් බෝම්බ’ නමින් හඳුන්වන, මතභේදයට තුඩු දුන් උග්‍ර විස සහිත උගුල් යොදාගනිමින්, වනාන්තරවල වෙසෙන හිවලුන්,  කයෝටි නම් වෘකයන් සහ නොහික්මුණු සුනඛයන් මරාදැමීමට නැවත අවසර දී තිබේ.
 
M-44s නම් උපාංගය මෙම උගුල් සඳහා යොදාගෙන ඇත. තණකොළ සහිත භූමියක සිටුවන දිය ඉසීමේ උපකරණයට සමාන මෙම උගුල, කිසියම් සත්වයකු කටින් ඩැහැගෙන සැපීමේදී එහි අභ්‍යන්තරයේ ඇති සෝඩියම් සයනයිඩ් මුදාහැරේ. මේ හේතුවෙන් වනජීවිහු මිය යති.
 
ඇමෙරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයේදී කුඩා පිරිමි ළමයකු තුවාල ලැබීමත්, ඔහුගේ සුරතල් බලුපැටවා මරණයට පත්වීමත් හේතුවෙන්, ට්‍රම්ප් ආණ්ඩුව පසුගිය වසරේදී මෙම උගුල් භාවිතය නතර කර තිබිණි. එම දරුවාගේ පවුලේ සාමාජිකයන් ආණ්ඩුවට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබිණි.
 
බලධාරීන් විසින් මෙම තීරණය ප්‍රකාශකිරීමත් සමඟ ඇමෙරිකාවේ පරිසරය සුරැකීමේ සංවිධාන සහ කණ්ඩායම්, 20,000කට අධික ලිපි සංඛ්‍යාවක් එවමින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල කළේය.
 
“M-44s මිනිසුන්ට පවා භයානක උගුලක්. සුරතල් සතුන්ට වගේම වනයේ වෙසෙන සතුන්ටත් මෙය හානිකරයි. මේ සයනයිඩ් උගුල් භාවිතය ඉතා ම අවදානම්” යැයි ඇමෙරිකාවේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා කොලට් ඇඩ්කින්ස් මහත්මිය පැවසුවාය.

රාජ්‍ය දත්ත වාර්තා අනුව මෙම M-44s උගුලින්  2018දී සතුන් 6,579ක් මියගොස් ඇති අතර, ඒ අතර ඉලක්ක නොකරන ලද සත්තු 200ක් ද වෙති. රැකූන්, උරුලෑවන් වැනි කුඩා සත්තු සහ වලසුන් වැනි තරමක විශාල සත්තුද ඒ අතර සිටිති.
 
මාර්ගවල සිට අඩි 100ක පමණ දුරක ඒවා ස්ථානගත නොකිරීමටත්, එම උගුල් අටවන ස්ථානවල සිට අඩි 15ක පමණ දුරකින් අනතුරු ඇගවීමේ දැන්වීම් සවිකළ යුතු බවටත්, පළකරමින්  ඇමෙරිකාවේ පරිසරය සුරැකීමේ ඒජන්සිය මේ සඳහා සීමා පනවා තිබිණි.

(ඒඑෆ්පී ඇසුරිනි)

16844


 



අදහස් (0)

සයනයිඩ් උගුල් යොදා වනසතුන් මරාදැමීමට ට්‍රම්ප් කෲර තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site