ඉන්දියාවට ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය සේවය නැවැත්වීමටත් පාකිස්තානය තුළ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය නවතා දැමීමටත් පාකිස්තානය පියවර ගෙන ඇත.
ඉන්දියව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමත් සමඟ දෙරට අතර නොහොඳ නෝක්කාඩු තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.
කාශ්මීරය මුල් කරගිනිමින් වසර 70ක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය යටතේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබිණි. ඒ අනුව ප්‍රාන්තයට වෙනම ධජයක් තිබූ අතර වෙනත් ප්‍රාන්තවල කිසිවකුට ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයෙන් ඉඩම් හෝ දේපළ හෝ මිලදී ගැනීමට අවසර නොතිබිණි. එහෙත් අදාළ වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල වැසියන්ට ද ජම්මු සහ කාශ්මීරයෙන් ඉඩම් සහ දේපළ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.
රොයිටර් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවට යන දුම්රිය නැවැත්වීමට පාකිස්තානය පියවර ගනී