චීනයේ ෂීජියෑන්ග් පළාත හරහා හමාගිය සුළි කුණාටුවක් හේතුවෙන් 32 දෙනකු මියගොස් 16 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මෙම සුළි කුණාටුව ලෙකීමා ලෙස නම්කර ඇති අතර එය හමාගිය ප්‍රදේශයේ සිටි මිලියන පහක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
ෂැංහයි ප්‍රදේශයෙන් පසුගිය සෙනසුරාදා චීනයට ඇතුළු වූ කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් සුළං හමාගිය බවද දැඩි වර්ෂාපතනයක් ඇදහැලුණු බවද බලධාරීහු පවසති.
වෙන්ෂු නගරයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් බොහෝ පිරිස් මියගොස් ඇති අතර ෂීජියැන්ග් පළාතේ නිවාස 34000 කට පමණ හානි සිදුව ඇතැයි වාර්තා වේ.
ෂැංහයි, බීජිං ඇතුළු නගර කිහිපයක ගුවන්ගමන් වාර 3200ක් පමණ අවලංගු කිරීමට ද සිදුව තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙකීමා සුළි කණාටුවෙන් චීනයේ 32 ක් මරුට