අත්අඩංගුවේ සිටින රොයිටර්ස් මාධ්‍යවේදීන් 2 ට ඇමෙරිකාවෙන් සම්මානයක් මියන්මාර අත්අඩංගුවේ සිටින රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා වන වා ලෝන් සහ යෝව් සෝ ඕ ට ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විත සම්මානයක් වන ‘ජෝර්ජ් පෝක්’ සම්මානය හිමි ව තිබේ. 20 February 2019
ඉන්දියාවේ භූ කම්පනයක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බැග්පට්හි රිච්ටර් පරිමාණයෙන් 4.0 ක භූමිකම්පාවක් හටගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 20 February 2019
ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 21 ක් රුසියාවෙන් මිලට ගන්න යයි ඉන්දියාව මිග් 29 ප්‍රහාරක ජෙට් යානා 21ක් රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති බව මිලිටරි තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය. 20 February 2019
යුරෝපීය රටවල් 12 ක දේශපාලන ආරක්ෂක සේවාව පුළුල් කරයි දේශපාලන ආරක්ෂක සේවාව පුළුල් කරමින් සේවක ගිණුම් ආරක්ෂා කිරීම පිළිබඳ අවදානය යොමු කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. 20 February 2019
නවශිලා යුගයට අයත් හිස් කබලක් තේම්ස් නදී ඉවුරෙන් හමුවේ එංගලන්තයේ තේම්ස් නදී ඉවුරෙන් නවශිලා යුගයට අයත් හිස් කබලක් හමුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. 20 February 2019
ඊජිප්තු ආරක්ෂක හමුදාව ඉස්ලාමීය සටන්කාමීන් 16 ක් ඝාතනය කරති ඊජිප්තු ආරක්ෂක හමුදා විසින් ඉස්ලාමීය සටන්කාමීන් 16 දෙනෙක් ඝාතනය කර ඇති බව ඊජිප්තු ආණ්ඩුව පවසයි. 20 February 2019
ඇත්දළ ළඟ තබා ගත් චීන කතකට වසර 15 ක සිරදඬුවම් නීතිවිරෝධී ලෙස ඇත්දළ රඳවා තබාගෙන සිටි ‘ඇත්දළ රැජින’ නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකට 15 වසරක සිරදඬුවමක් නියම කිරිමට ටැන්සානියානු අධිකරණය නියම කළේය. 20 February 2019
කැනඩාවේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ දරුවන් 7ක් මරුට කැනඩාවේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ දරුවන් හත් දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 February 2019
සුප්‍රසිද්ධ මෝස්තරකරුවකු වන කාල් ලැගර්ෆීල්ඩ් සමුගනී පැරිසිය ලෝකයේ විලාසිතා අගනුවර කළ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණකරුවකු වන කාල් ලැගර්ෆීල්ඩ් මහතා පැරිසියේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (19) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 February 2019
බර්නී සැන්ඩර්ස් 2020 ඇමෙරිකාවේ ජනපතිවරණයට ඇමෙරිකාවේ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නැවතත් තරග කරන බව පවසයි. 19 February 2019
පකිස්තාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් දශක ගණනාවකට පසු කාශ්මීරයේ දී ඉන්දීය හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට ඉන්දියාවට සහාය දීමට පාකිස්තානය සූදානම් බවත් එහෙත් ඉන්දියාව ප්‍රහාර එල්ල කළහොත් ඊට එකට එක සිදු කරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (19) පැවැසීය. 19 February 2019
සල්මාන් කුමරු අද ඉන්දියාවට සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පකිස්තාන සංචාරය නිමකර දෙදින නිල සංචාරයක් සඳහා අද (19) ඉන්දියාවට පැමිණියේය. 19 February 2019
ඉන්දීය හමුදා නිලධාරියකුගෙන් පකිස්තාන බුද්ධි අංශයට චෝදනාවක් ඉකුත් සතියේ දී ආරක්ෂක රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රධාන බුද්ධි අංශය වන අයි.එස්.අයි සම්බන්ධ යැයි මතභේදාත්මක කාශ්මීර් ප්‍රදේශයේ සිටින ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 19 February 2019
ඊශ්‍රායලය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුමට සැරසේ ඊශ්‍රායලය මේ සතියේ සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඊශ්‍රායල ගුවන්යානා කර්මාන්ත සහ තාක්ෂණ අභ්‍යාස ආයතනය නිවේදනය කරයි. 19 February 2019
නියාමනයට විවෘත යැයි ෆේස්බුක් සමාගම කියයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව ‘අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත්’ පිළිබඳ අවසන් වාර්තාවේ නිර්දේශ අනුව අර්ථාන්විතව නියාමන කිරීමට තමන් විවෘත යැයි ෆේස්බුක් සමාගමේ එක්සත් රාජධානියේ මහජන ප්‍රතිපත්ති කළමනාකාර කරීම් පැලැන්ට් පැවැසීය. 19 February 2019
ඉන්දීය ගුවන් හමුදා පුහුණු සැසියක වූ අනතුරකින් නියමුවෙක් මරුට ඉන්දියාවේ උතුරු බැංගලූරු ප්‍රදේශයේ ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය වෙනුවෙන් පැවති පුහුණු සැසියකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී කඩාවැටීමෙන් ගුවන් නියමුවකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 19 February 2019
කයිරෝ නුවර පිපිරීමකින් පොලිසියේ දෙදෙනෙක් මරුට ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් තායි සිසුවකු ඇතුළු සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. 19 February 2019
ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගොලියාවේ කේඑෆ්සී අවන්හල් වසයි ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගෝලියාවේ කේඑෆ්සී අවන්හල් සියල්ල වසාදැමීමට නියෝග කර ඇතැයි වාර්තා වේ. 19 February 2019
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24 ක් මරුට ජිහාඩ් කැරලිකරුවන් විසින් පාලනය කරන සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිදුවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් දරුවන් සිව් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. 19 February 2019
ට්‍රම්ප්ට එරෙහිව ප්‍රාන්ත 16 ක් නඩු මඟට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත් කිරිමට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත 16 ක් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළබී තිබෙන බව විදෙස් මාධ්‍ය කරයි. 19 February 2019
මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් මහතා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ. 19 February 2019
ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසක - මන්මෝහන් සිං ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසකට මුහුණ දී ඇතැයි තරුණයන්ගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පැවැසීය. 18 February 2019
බ්‍රිතාන්‍යය ‘ෆේස්බුක්’ පාලනයට සැරසෙයි බ්‍රිතාන්‍යය තුළ ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍ය නියාමනය කිරිමට දැඩි නීතිරිති හා රෙගුලාසි පැනවිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති. 18 February 2019
සෞදිය පකිස්තානය සමඟ ඩොලර් බිලියන 20 ක ගිවිසුමක් පකිස්තානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය සහ පකිස්තානයට අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබේ. 18 February 2019
කාශ්මීරයේ ගැටුමකින් සෙබළු 4ක් - ත්‍රස්වාදීහු 2ක් මරුට ජම්මු කාශ්මීරයේ පුල්වාම ප්‍රදේශයේදී අද(18) හමුදාභටයන් සහ ත්රස්තවාදීන් අතර වූ වෙඩි තැබීමකින් මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් 4ක් සහ ත්‍රස්වාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 18 February 2019
ඕමානය ඩ්‍රෝන යැවීම තහනම් කරයි ඕමානය තුළ ඩ්‍රෝන යානා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 February 2019
සෞදි ඔටුන්න හිමි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට යයි සිය පාකිස්තාන සංචාරය අතරතුරදී සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානම් යැයි වාර්තා වේ. 17 February 2019
ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්නයි ජපානයෙන් ඉල්ලීමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීමක් කර තිබේ. 17 February 2019
රැජිනිකාන්ත් මහමැතිවරණ සටනින් ඉවත් වෙයි සුප්‍රකට කොලිවුඩ් නළු රැජිනිකාන්ත් මහතා ඉන්දීය මහමැතිවරණයට තරග නොකරන බවත් කිසිදු පක්ෂයකට සහයෝගය නොදක්වන බවත් අද (17) නිවේදනය කළේය. 17 February 2019
බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට බංගලාදේශයේ චිතගොං වරාය ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය සහ ගිනිනිවන භටයෝ පවසති. 17 February 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026