IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් ඉන්දු - පාකිස්තාන අර්බුදය විසඳන්න සූදානම්

කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (22) පැවැසීය.

ඉන්දු-පාකිස්තාන අර්බුදය ද්විපාර්ශවීය ලෙස විසඳා ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක සිට පැවැසීය.මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම ඇමෙරිකාවේ එම දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වෙනස් වීමකි.

1947 වසරේදී බි්‍රතාන්‍යයේ යටත්විජිත පාලනය අවසන් වීමත් සමඟ කාශ්මීරය ඉන්දියාවත් පාකිස්තානයත් අතර බෙදාදුන් අතර මේ වනවිට චීනය ද කාශ්මීරයේ කොටසකට හිමිකම් කියයි.

එතැන් පටන් ඉන්දියාවත් පාකිස්තානයත් අතර දිගින් දිගටම අර්බුද හා නොසන්සුන්කාරී තත්ත්ව ඇතිවිය. ඉන්දියාව සහ පාකිස්තානය දකුණු ආසියානු කලාපයේ න්‍යෂ්ටික බලවතුන් වීම ද විශේෂත්වයක් වන අතර ඔවුන් අතර අර්බුද ඇතිවීම දකුණු ආසියානු කලාපයට මෙන්ම මුළු මහත් ආසියානු කලාපයටම තර්ජනයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ කරුණු ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් හමුවෙමිනි.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 

 



අදහස් (2)

ට්‍රම්ප් ඉන්දු - පාකිස්තාන අර්බුදය විසඳන්න සූදානම්

sisira Tuesday, 23 July 2019 10:45 AM

ඉම්රාන්, ඕකගේ ගැට වලට අහුවෙන්න එපා. මේගොල්ලෝ කවද්ද ආසියාතික රටකට හොඳක් කලේ. හොඳට තියෙන රටවල් මෙයාලට පෙන්න බැහැ. රටවල් දෙකක් කොටවලා සමාදානයේ මැදිහත් කරුවෙකු ලෙස පෙනී ඉන්නවා.

:       0       0

hiraWednesday, 24 July 2019 10:43 AM

හරි සිරිසේන ඔයා කියන විදිහට කරන්නම්...මීට හිතවත් ඉම්රාන්

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1079 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site