ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති අතර 30 දෙනෙකු පමණ මේ වනවිටත් කඩාවැටුණු සුන්බුන් අතර සිරවී ඇතැයි වාර්තා වේ.

මොවුන් බේරා ගැනීම සඳහා ගිනි නිවන හමුදාව සහ මුදවාගැනීමේ කණ්ඩායම් කැඳවා ඇත.

කුඩා දරුවකු සහ තවත් පුද්ගලයන් පස්දෙනකු මෙලෙස බේරාගත් බව මාධ්‍ය වාර්තා කරයි.

මුම්බියිහි දකුණු දිගඩොන්ග්‍රි ප්‍රදේශයේ මෙම ගොඩනැගිල්ල පිහිටා තිබිණි.

වසර 100 ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇද වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.

(බීබිසී ඇසුරිණි - 085)