IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජල ගැලීම් නිසා දකුණු ආසියාවේ මිලියන ගණනක් අවතැන්

දකුණු ආසියානු කලාපයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් මිලියන ගණනක් අවතැන් වී 180කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීහු කියති.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයකින් ගංවතුර සහ නායයෑමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇත. 

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහ භූගත ජල සැපයුම් සඳහා දකුණු ආසියානු කලාපයට මෝසම් වැසි ඉතා වැදගත් වේ. දිළඳුභාවය ප්‍රබල අභියෝගයක් වී තිබෙන දකුණු ආසියානු කලාපය ලෝක ජනගහනයෙන් පහෙන් එකකට නිවහන වේ. 

දකුණු ආසියානු කලාපයට සාමාන්‍යයෙන් මෝසම් වැසි ලැබෙනුයේ ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී වන අතර ඇතැම් අවස්ථාවලදී වර්ෂාපතනය වැඩි වීමෙන් විනාශකාරී තත්ත්ව ඇති වේ. මෝසම් වැසිවලින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයටයි. 

සඳුඳා දිනයේදී දියේ ගිලීමෙන් බංග්ලාදේශයේ දරුවන් පස් දෙනකු මියගිය අතර ඒ අනුව මේ දක්වා එරට මිය ගිය ගණන 34ක් දක්වා ඉහළ ගොස් ඇත. 



බංග්ලාදේශයේ නැගෙනහිර පෙදෙසේ සිය දහස් ගණනක් මේ වනවිට අවතැන් වී ඇති අතර එරට ප්‍රධාන ගංඟාවක් වන බ්‍රහ්මපුත්‍ර ගංඟාවේ පිටාර මට්ටම අවදානම් මට්ටම ද ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ගංවතුර හේතුවෙන් නේපාලයේ 67 දෙනකු මියගොස් ඇති අතර  නිවාස රැසක් විනාශ වී ඇත. ඇතැම් පිරිස් තවමත් නිවාසවල සිර වී සිටින බවත් ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් නේපාල බලධාරීහු කීහ. 

ජල ගැලීම් හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්ත දෙකක් වන ඇසෑමයේ සහ බිහාරයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ගංවතුර තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ඇසෑම් ප්‍රාන්තයේ බලධාරීහු හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කළහ. ඇසෑම් ප්‍රාන්තයේ පමණක් 11 දෙනකු මියගොස් 83,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි බලධාරීහු කීහ. 

ලෝක උරුමයක් වන කසිරන්ගා ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ ද ඇසෑම් ප්‍රාන්තයේ ය. එහි සිටින දුර්ලභ වන සතුන් මුදා ගැනීම සඳහා බලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටිති. ලෝකයේ සිටින එක අඟක් ඇති රයිනෝ සතුන්ගෙන් තුනෙන් දෙකක් සිටින්නේ ද මෙම වන උද්‍යානයේ ය. 

බිහාර් ප්‍රාන්තයේ 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව මිලියන 2.5කට වැඩි පිරිසක් අවතැන්ව සිටිති. 

පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ 23 දෙනකු මියගොස් ඇති අතර නිවාස 120කට හානි සිදු වී ඇති බවත් ජල හා විදුලි සැපයුම් අඩපණ වී ඇති බවත් බලධාරීහු කීහ. 

ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්  මෝසම් වැසිවලින් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැපයීම සඳහා එම රටවල බලධාරීන් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය. 

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මුම්බායි නුවර ගොඩනැගිල්ලක් අද (16) දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගොඩනැගිල්ලේ 40කට වැඩි පිරිසක් සිර වී සිටින බවත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් බලධාරීහූ අද (16) පස්වරුවේ ප්‍රකාශ කළහ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (0)

ජල ගැලීම් නිසා දකුණු ආසියාවේ මිලියන ගණනක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site