IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


“ෆේස්ඇප්” මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන රුසියාවේ නිෂ්පාදිත ෆේස්ඇප්මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලීය.

පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත.

“ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක” යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි හෙතෙම ඉල්ලා සිටියේය.

පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයෙන් සිදුකෙරෙන අතර ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරයි. එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුවෙයි.

රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි සෙනට් සභික චක් ෂූමර් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ද ඉල්ලා සිටියේය.

මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර ඇත.

ඇමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ප්‍රබල ලැබීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර ඇත.

ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණියේ මීට වසර දෙකකට පෙරය. මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගයයි. එහි පරිශීලිකයන් ගණන මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් ඇත.

ඒ.එෆ්.පී ඇසුරිනි

055



අදහස් (2)

“ෆේස්ඇප්” මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

රවින් Friday, 19 July 2019 04:23 AM

පෙනෙන විදියටනම් මැරෙන්න බය කෙනෙක් වගේ. තමන් ලෝක සොභාවයට , වයසට නොයයි කියා හිතාගෙන ඉන්න කෙනෙක්ද ? අන්තර්ජාලය තුල පෞද්ගලිකත්වය අවම බව නොදැනද?

:       17       10

රජින්ද Friday, 19 July 2019 10:08 PM

ඇමෙරිකාව විසින් නිපදවන සියලුම මෘදුකාංග - ඇප්ස් වර්ග නීත්‍යානුකුල හා සම්පුර්ණයෙන්ම ආරක්ෂාකාරී වන අතර බැරි වෙලාවත් වෙනත් රටක නිර්මාපකයෙක්ගේ මෘදුකාංගයක් ප්‍රචලිත වුවහොත් එය ඇමෙරිකානුවන්ගේ ඇතුළු මුළු ලෝකෙම ආරක්ෂාවට තර්ජනයකි.! ප.ලි.මේ වගේ තර්ක ඇමෙරිකාවේ අයටම හොඳයි ඉතින්.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site