ජපානයේ කියතෝ හි පිහිටි සජීවීකරණ නිෂ්පාදන සමාගමකට අයත් ගොඩනැගිල්ලක අද (18) ඇති වූ ගින්නකින් 33 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.
කිසිවකු විසින් වුවමනාවෙන් කරන ලද ගිනි තැබීමකින් ගින්න ඇති ව ඇති නමුත් අද පස්වරුව වනතුරුත් කිසිදු තොරතුරක් නොලැබුණු බව කියතෝ පොලිසිය සඳහන් කළේය.
මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි යැයි ද සෝදිසි මෙහෙයුම් අතරතුරදී ද මළසිරුරු හමු වූ බව ද කියතෝ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.
අද සවස්වරුව වනවිට ලැබී තිබූ තොරතුරුවලට අනුව ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ 35 දෙනකු රෝහල් ගත කර තිබූ බවත් ඔවුන්ගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.
ගින්න ඇති වූ අවස්ථාවේදී ගොඩනැගිල්ලේ 70කට ආසන්න පිරිසක් සිටි බව ද වාර්තා විය.
ජපාන අගමැති ෂින්සෝ අබේ ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ සිය කනගාටුව පළ කළේය.
“පුද්ගලයකු යම් දියරක් විසි කරලා ඊට ගිනි තැබුවා” යැයි කියතෝ පොලිසියේ ප්‍රකාශකයෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කළ බවත් තවත් වාර්තාවක් දැක්විණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055



2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 33 ක් මරුට