ශ්රී ලංකාව තුළ මරණදඬුවම ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අත්හිටුවන ලෙසත් අනාගතයේදී ද මරණ දඬුවම ලබා නොදීම සඳහා පියවර ගන්නා ලෙසත් යුරෝපා සංගමය සහ එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරු නැවත වරක් ඉල්ලා සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් යුරෝපා සංගමය සහ කොළඹ සිටින එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හමු වී ඇති අතර එහිදි ඔවුහු ඒ බව ප්‍රකාශ කළහ.
සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි සහ පැහැදිලි ලෙසම විරුද්ධ බව ද තානාපතිවරු එහිදි තවදුරටත් කීහ.
යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව පරිදි මරණීය දණ්ඩනයට විරෝධතාව පළ කරමින් යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා සංගමය ඔච්චර හිතනවානම් මේ රටේ අපරාධකාරයෝ ගැන නුබලාගේ රටවලට ඔවුන්ව අරන් යන්න, ප්‍රශ්නේ ඉවරයි