IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා

කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ අරමුණින් ඉන්දියාව විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එරට නිලධාරීහු දෙදෙනක් අද (22) ප්‍රකාශ කළහ.

ඉන්දියාවේ බැංකු පද්ධතියට එරට කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ හැකියාවක් නොමැති බැවින් එලෙස විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරන බව එම නිලධාරීහු දෙදෙනා කීහ.

කුඩා ව්‍යාපාරිකයන් මිලියන ගණනක් ඉන්දියාවේ සිටින අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 14.5කට ආසන්න ණය යැයි පැවසේ.

ජර්මානු රජයට අයත් කේ.එෆ්.ඩබ්ලිව් සමූහයේ සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, සහ කැනඩාවේ මූල්‍ය ආයතන කිහිපයක් සමඟින් ඉන්දියාව සාකච්ඡා පවත්වමින් සිටින බව නම සඳහන් කිරීමට අකැමැති වූ එක් නිලධාරියෙක් කීවේය.

එලෙස සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කේ.එෆ්.ඩබ්ලිව් බැංකුවේ ඉන්දීය කාර්යාලය ද තහවුරු කළේය. ඉන්දීය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ කුඩා ව්‍යාපාර සඳහා ණය සැපයීම වන අතර එයිනුත් වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ සූර්ය බලය ජනනය කෙරෙන ව්‍යාපාරවලටය. සාකච්ඡා තවමත් මුල් අදියරේ පවතින බව ද කරන ලද විමසීමේදී කේ.එෆ්.ඩබ්ලිව් සඳහන් කළේය.

රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දියාවේ කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1073 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site