සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ දී දකුණු කොරියානු ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි දකුණු කොරියානු යොනැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. 

කොල්ලකරුවන් නැවේ කාර්ය මණ්ඩලයට පහරදී ඩොලර් දහස් ගණනක මුදල් පැහැරගෙන ඇතැයිද කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට තුවාල සිදුවී ඇතැයි ද සඳහන් වේ.
 අධිවේගී බෝට්ටුවකින් පැමිණි මුහුදු කොල්ලකරුවන් හත්දෙනකු අලුයම අඳුර පවතින අවස්ථාවේ නැවට ඇතුළු වී ඇත.

මේ සම්බන්ධයෙන් සිංගප්පූරු පොලිසිය කිසිවක් සඳහන් කර නැත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)