IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


වසා දැමූ ගුවන් සීමාව පාකිස්තානය අද විවෘත කරයි

ඉන්දියාව සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු වසා දැමුණු ගුවන් සීමාව සම්පූර්ණයෙන් විවෘත කිරීමට පාකිස්තානය අද (16) පියවර ගත්තේය. 

මේ අනුව සියලු මගී ගුවන් යානාවලට කිසිදු බාධාවකින් තොරව පාකිස්තාන ගුවන් සීමාව භාවිත කළ හැකි යැයි පාකිස්තානය ප්‍රකාශ කළේය.

“වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් සීමාව විවෘතයි” යැයි පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.

පාකිස්තානය සිය ගුවන් සීමාව වසා දැමීමත් සමඟ ඉන්දියාව ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් මාර්ග රැසකට දැඩි බලපෑමක් එල්ල විය.

ඉන්දියාවට සීමා මායිම්වන නැගෙනහිර ගුවන් සීමාව ද විවෘත කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකයා කීය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එලෙස ගුවන් සීමාව වසා දැමිණි.

දෙපාර්ශවයම දෙපාර්ශවයටම ගුවන් ප්‍රහාර එල්ල කරගත් අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තාන අත්අඩංගුවට පත්විය. පසුව ඔහු නිදහස් කෙරුණි. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

වසා දැමූ ගුවන් සීමාව පාකිස්තානය අද විවෘත කරයි

samagi Tuesday, 16 July 2019 09:54 AM

කොහොමද රටවල් දෙක එකතුවෙලා තෙල් නලයක් ඉරානයෙන් ගෙනාවොත් ?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1095 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site