ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක සිදුවූ නායයෑමකින් සේවකයින් සිව්දෙනකු මියගොස් නවදෙනකු තුවාල ලබා ඇත.
අනතුරින් පසු කම්හල වසාදමා ඇති අතර නැවත විවෘත කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි බලධාරීහු පවසති.
මෙය දිනකට ටොන් 20,000 ක පමණ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන කම්හලකි.
ගල් අඟුරු කැණීම ඉන්දියාවේ ඉතාමත් අනාරක්ෂිතව සිදුකරන බැවින් මෙම කර්මාන්තයේ යෙදෙන්නන් සඳහා අවදානම් රටක් ලෙස ඉන්දියාව නම්කර ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන යන පතල් හේතුවෙන් වර්ෂයකට සිය ගණනක් සේවකයන් මියයන බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ පතලක නායයෑමකින් 4 ක් මරුට