ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක සිදුවූ නායයෑමකින් සේවකයින් සිව්දෙනකු මියගොස් නවදෙනකු තුවාල ලබා ඇත.
 
අනතුරින් පසු කම්හල වසාදමා ඇති අතර නැවත විවෘත කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි බලධාරීහු පවසති. 
 
මෙය දිනකට ටොන් 20,000 ක පමණ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන කම්හලකි.
 
ගල් අඟුරු කැණීම ඉන්දියාවේ ඉතාමත් අනාරක්ෂිතව සිදුකරන බැවින් මෙම කර්මාන්තයේ යෙදෙන්නන් සඳහා අවදානම් රටක් ලෙස ඉන්දියාව නම්කර ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
 
නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන යන පතල් හේතුවෙන් වර්ෂයකට සිය ගණනක් සේවකයන් මියයන බව පැවසේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)