ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ අගනුවර වන අර්බිල්හිදී තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත.
තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ හඳුනානොගත් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා මොවුන් ඝාතනය කර ඇති බවයි.
තුර්කි නිලධාරීයා හා ඔහුගේ කුර්දිෂ් ආරක්ෂක භටයින් දෙදෙනා අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
මෙම කලාපයේ තුර්කි කුර්දිෂ් සටන්කාමීන් ක්‍රියාත්මකව සිටින නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd