තම ගුවන් සීමාවට පැමිණි රුසියානු පිරික්සුම් යානාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර නිකුත් කළ බව දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියාවට අයත් ජෙට් යානා මගින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
රුසියානු යානා ඩොක්ඩෝ හා ටකෙෂිමා දූපත්වලට ඉහළින් දකුණු කොරියානු ගුවන් සීමාව දෙවරක් උල්ලංඝණය කළ බව දකුණු කොරියානු බලධාරීහු පවසති.
රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර බෝම්බ ප්‍රහාරක යානා දෙකක් ඡාත්‍යන්තර මුහුදු සීමාවේ යුද අභ්‍යාසයක නිරතවූ නමුත් වෙඩි ප්‍රහාර එල්ල වූ බවට තොරතුරු වාර්තා නොවූ බව සඳහන් කර ඇත.
දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානා තුනක් සහ චීන ගුවන් යානා දෙකක් ගුවන් සීමාවට ඇතුළු වූ බවයි.
රුසියාව සහ දකුණු කොරියාව අතර මෙවැනි සිදුවීමක් උද්ගතවූ ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd