මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් පටන් ගත් යුද්ධය අවසානය දක්වාම ගෙන යන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මහතා අද (17) පැවැසීය.
ජාත්‍යන්තර අධිකරණයකදී තමන්ට එරෙහිව නඩු විභාගයක් කිරීමට සිතීම “මෝඩකමක්” යැයි ද පිලිපීන ජනාධිපතිවරයා කීය.
රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් පිලිපීන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
“මට විරුද්ධව නඩුවක් විභාග කළොත් කරන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම පෙනී ඉන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම යුරෝපීය ජාතිකයන්ට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්න අහන සුදු මනුස්සයෙක් ඉස්සරහා මම ඉන්නේ නැහැ” යැයි ද ඔහු කීවේය.
පිලිපීන අධිකරණ පද්ධතිය කදිමට ක්‍රියාත්මක වන බවත් එහෙයින් ජාත්‍යන්තර අධිකරණයක තමන්ට එරෙහිව නඩු ඇසීමේ වුවමනාවක් නැති බවත් පිලිපීන ජනාධිපතිවරයා මෙම රූපවාහිනි සාකච්ඡාවේදී පැවැසීය.
“මම පිලිපීන ජාතිකයෙක් අපිට මෙහේ අධිකරණ තියෙනවා. ඔබට ඕනේ මා වෙන කොහෙටහරි ගෙන්වන්න ද ? මම කැමැති නැහැ ඒකට. මට මගේ රට තියෙනවා. මගේ රටේ රාජකාරි වෙනවා. මගේ අධිකරණ පද්ධතියක් තියෙනවා. පිලිපීනයේ අධිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා” යැයි ඔහු කීවේය.
පිලිපීන පොලිසිය අනිසි ලෙස ඔවුන්ගේ බලය භාවිත කරන බවත් ඝාතන සිදු කරන බවත් පොලිසිය සහ නිලධාරීන් කරන වැරැදිවලට දඬුවම් නොලබා නිදැල්ලේ සිටින බවටත් පිලිපීන විපක්ෂය චෝදනා කරයි.
පිලිපීන කොංග්‍රසයේ බහුතර කැමැත්තේ ඇත්තේ ජනාධිපති ඩුටාර්ටේය. එය සුපිරි බහුතරයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. පිලිපීන අධිකරණ පද්ධතිය, කොමිෂන් සභා හා විමර්ශන ආයතනවල සිටින්නේ ජනාධිපති ඩුටාර්ටේ පත්කළ නිලධාරීන් බැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම හෝ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොවන්නක් බව පිලිපීන විපක්ෂය පෙන්වාදෙයි.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මිනිස්සු... ගහලා දැම්ම විසිදාහකට විතර...
එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නැත. අපේ එක්කෙනා කාලයක් සිංගප්පූරු, පිලිපිනේ ගිය ක්‍රමය අධ්‍යයනය කරන්න. ඊට පස්සේ නැතිවුණු ලිපිගොනු ටික හොයාගන්න තව මාස කීපයක් ගතවුණා. ඊට පස්සේ අත්සන් කළයුතු තැන හොයාගන්න තව කාලයක් ගියා... අන්තිමට අත්සන් කරලා එ්ක පත්තරේ එහෙම දැම්ම ගමන් ගෝලයෙක් උසාවි ගිහින් වාරණ නියෝගයක් ගත්තා. නඩුව අහන්නේ ඔක්තෝබර්වල.. නඩුව අහලා ඉවරවෙනකොට ධුරකාලය ඉවරවේවි...
'ප්‍රශ්න අහන සුදු මනුස්සයෙක් ඉස්සරහා මම ඉන්නේ නැහැ' මෙහෙමත් අය ඉන්නවනේ මේ ලෝකේ...
අපේ එක්කෙනාට කොහෙද මෙහෙම හයියක්? බලයට අාවේ පාදඩ දේශපාලකයින්ගේ කර උඩින්නේ... දැන් එ්ක එයාටම පාරාවළල්ලක් වෙලා. කරන කෙනා කියකියා පම්පෝරි ගහන්නේ නැහැ. කරලම පෙන්නනවා ඇරෙන්න... එල්ලන්න ගෙනාපු කඹේ නම් ආයේ දිරනවා ෂුවර්..