IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පටන් ගත් යුද්ධය අවසානය දක්වා ගෙන යනවා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් පටන් ගත් යුද්ධය අවසානය දක්වාම ගෙන යන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මහතා අද (17) පැවැසීය.

ජාත්‍යන්තර අධිකරණයකදී තමන්ට එරෙහිව නඩු විභාගයක් කිරීමට සිතීම “මෝඩකමක්” යැයි ද පිලිපීන ජනාධිපතිවරයා කීය. 

රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් පිලිපීන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. 
 
“මට විරුද්ධව නඩුවක් විභාග කළොත් කරන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම පෙනී ඉන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම යුරෝපීය ජාතිකයන්ට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්න අහන සුදු මනුස්සයෙක් ඉස්සරහා මම ඉන්නේ නැහැ” යැයි ද ඔහු කීවේය.   
 
පිලිපීන අධිකරණ පද්ධතිය කදිමට ක්‍රියාත්මක වන බවත් එහෙයින් ජාත්‍යන්තර අධිකරණයක තමන්ට එරෙහිව නඩු ඇසීමේ වුවමනාවක් නැති බවත් පිලිපීන ජනාධිපතිවරයා මෙම රූපවාහිනි සාකච්ඡාවේදී පැවැසීය. 
 
“මම පිලිපීන ජාතිකයෙක් අපිට මෙහේ අධිකරණ තියෙනවා. ඔබට ඕනේ මා වෙන කොහෙටහරි ගෙන්වන්න ද ? මම කැමැති නැහැ ඒකට. මට මගේ රට තියෙනවා. මගේ රටේ රාජකාරි වෙනවා. මගේ අධිකරණ පද්ධතියක් තියෙනවා. පිලිපීනයේ අධිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා” යැයි ඔහු කීවේය. 
 
පිලිපීන පොලිසිය අනිසි ලෙස ඔවුන්ගේ බලය භාවිත කරන බවත් ඝාතන සිදු කරන බවත් පොලිසිය සහ නිලධාරීන් කරන වැරැදිවලට දඬුවම් නොලබා නිදැල්ලේ සිටින බවටත් පිලිපීන විපක්ෂය චෝදනා කරයි. 
 
පිලිපීන කොංග්‍රසයේ බහුතර කැමැත්තේ ඇත්තේ ජනාධිපති ඩුටාර්ටේය. එය සුපිරි බහුතරයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. පිලිපීන අධිකරණ පද්ධතිය, කොමිෂන් සභා හා විමර්ශන ආයතනවල සිටින්නේ ජනාධිපති ඩුටාර්ටේ පත්කළ නිලධාරීන් බැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම හෝ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොවන්නක් බව පිලිපීන විපක්ෂය පෙන්වාදෙයි. 

රොයිටර් ඇසුරිනි 
 
055



අදහස් (4)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පටන් ගත් යුද්ධය අවසානය දක්වා ගෙන යනවා

upali Wednesday, 17 July 2019 05:34 PM

ඔන්න මිනිස්සු... ගහලා දැම්ම විසිදාහකට විතර...

:       37       68

de silva Wednesday, 17 July 2019 09:32 PM

එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නැත. අපේ එක්කෙනා කාලයක් සිංගප්පූරු, පිලිපිනේ ගිය ක්‍රමය අධ්‍යයනය කරන්න. ඊට පස්සේ නැතිවුණු ලිපිගොනු ටික හොයාගන්න තව මාස කීපයක් ගතවුණා. ඊට පස්සේ අත්සන් කළයුතු තැන හොයාගන්න තව කාලයක් ගියා... අන්තිමට අත්සන් කරලා එ්ක පත්තරේ එහෙම දැම්ම ගමන් ගෝලයෙක් උසාවි ගිහින් වාරණ නියෝගයක් ගත්තා. නඩුව අහන්නේ ඔක්තෝබර්වල.. නඩුව අහලා ඉවරවෙනකොට ධුරකාලය ඉවරවේවි...

:       0       22

ලුම්බිණි Thursday, 18 July 2019 03:32 AM

'ප්‍රශ්න අහන සුදු මනුස්සයෙක් ඉස්සරහා මම ඉන්නේ නැහැ' මෙහෙමත් අය ඉන්නවනේ මේ ලෝකේ...

:       84       72

Chandimal Thursday, 18 July 2019 05:30 AM

අපේ එක්කෙනාට කොහෙද මෙහෙම හයියක්? බලයට අාවේ පාදඩ දේශපාලකයින්ගේ කර උඩින්නේ... දැන් එ්ක එයාටම පාරාවළල්ලක් වෙලා. කරන කෙනා කියකියා පම්පෝරි ගහන්නේ නැහැ. කරලම පෙන්නනවා ඇරෙන්න... එල්ලන්න ගෙනාපු කඹේ නම් ආයේ දිරනවා ෂුවර්..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site