හෙදර් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකාවේ තානාපති ධූරය ඉල්ලා අස්කරගනී එක්සත් ජාතීන්ගේ ඇමෙරිකාවේ තානාපති ධූරය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව හෙදර් නෝර්ට් මහත්මිය විසින් ඉල්ලා අස්කරනු ලැබීය. 17 February 2019
සිම්බාබ්වේහි රන් ආකරයක සිරවූ පතල්කරුවන් 9 ක් බේරා ගනිති වේල්ලක් බිඳීයෑම හේතුවෙන් වතුරෙන් යටවූ රන් ආකරයක සිරවූ පතල්කරුවන් නවදෙනකු බේරාගත් බව සිම්බාබ්වේ රජය පවසයි. 17 February 2019
ආධාර රැගෙන ආ ගුවන් යානා කොලොම්බියානු දේශසීමාවට වෙනිසියුලාවට මානුෂීය ආධාර රැගෙන එන එක්සත් ජනපද හමුදා ගුවන් යානා කොලොම්බායානු දේශසීමාවේ ඇති කොකූටා නගරයට පැමිණ තිබේ. 17 February 2019
නයිජීරියානු මහමැතිවරණය - ජනාධිපතිවරණය කල්යයි අද(16) පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියාවේ මහමැතිවරණය හා ජනාධිපතිවරණය සතියකින් කල්දමා ඇතැයි වාර්තා වේ. 16 February 2019
ඇමෙරිකාවේ වෙඩිතැබීමකින් 5ක් මරුට ඉලිනොයිස් පළාතේ කර්මාන්තපුරයක සිදුවූ වෙඩිතැබීමකින් 5 දෙනෙකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 February 2019
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ පාසල් සිසුන් විරෝධතාවයක දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයට බලපෑම් කරමින් බ්‍රිතාන්‍යයේ පාසැල් සිසුන් විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වේ. 15 February 2019
මැඩගස්කරයේ දරුවන් 922ක් සරම්ප රෝගයෙන් මියයති පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ දරුවන් 922ක් සරම්ප රෝගයෙන් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 15 February 2019
ඩ්‍රෝන යානා ඩුබායි ගුවන් තොටටත් එයි ලොව කාර්යබහුලම ඩුබායි ගුවන් තොටුපල ආසන්නයේ ඩ්‍රෝන යානාවක් සැරිසැරිම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 February 2019
ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චිස් හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. 15 February 2019
ජපානය සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙයි සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට ජපන් දුම්රිය සමාගම් ගණනාවක් උත්සහ කරමින් සිටිව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 February 2019
සටන්කාමීට එරෙහිව ඉන්දියාව ආරක්ෂක කවුන්සිලයෙන් සම්බාධක ඉල්ලයි ඉන්දියාවේ කාශ්මීරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඡයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලා තිබේ. 15 February 2019
චීනය එවරස්ට් කඳුවැටිය ආශ්රිත සංචාරක කඳවුරු වසා දමයි එවරස්ට් තරණය කිරීම සඳහා බලපත්‍ර නොමැති සංචාරකයන්ගේ කඳවුරු වසා දැමීමට චීනය පියවර ගෙන තිබේ. 15 February 2019
ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව අල්ලයි ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 15 February 2019
ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට සැරසේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 15 February 2019
ඉන්දු ශාන්තිකර බලකාය අලුත්වැඩියා කළ නැගෙනහිර පළාතේ පාසල් 2ක් සිසු අයිතියට ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්දු ශාන්තිකර බලකාය විසින් අලුත්වැඩියා කරනු ලැබූ නැගෙනහිර පළාතේ පාසල් දෙකක් සිසු අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනි රෙන්ෂුලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 14 February 2019
මාධ්‍යවේදී කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමලා ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමන්නට ඇතැයි තුර්කි පොලිසිය විශ්වාස කරයි. 14 February 2019
ශ්‍රී ලංකාවේ නිදහස් සමරුම සුරුච්හිදීත් ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරු උත්සවයට සමගාමීව ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පිහිටි කොන්සල් කාර්යාලයේදී නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි. 14 February 2019
මෝල්ඩෝවා රාජ්‍යයේ ෆේස්බුක් ගිණුම් 200ක් ඉවතට මෝල්ඩෝවා රාජ්‍යයේ නුසුදුසු ෆේස්බුක් ගිණුම් 200 කට වඩා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 14 February 2019
ළමුන් 276ක් අපයෝජනය කළ කොළොම්බියානු ජාතිකයකුට සිර දඬුවම් ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් 60 වසරක සිර දඬුවමක් නියම කර ඇත. 14 February 2019
ඇමරිකාව පානීය ජලයේ අඩංගු කෘතිම රසායන සීමා කරයි පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමාකිරීම සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී නිවේදනයක් නිකුත් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂක නියෝජිතායතනය පවසයි. 14 February 2019
ඇමෙරිකාව සහ චීනය අතර සාකච්ඡා දෙවනි දිනයේදීත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා දෙවැනි දිනටත් බීජිං නුවරදී අද (14) ආරම්භ විය. 14 February 2019
මැසඩෝනියාවේ බස් අනතුරකින් 13 ක් මරුට උතුරු මැසඩෝනියාවේ බස්රථ අනතුරකින් 13 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 14 February 2019
අල්කයිඩා ත්රස්තවාදීන්ට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර දකුණු ලිබියාවේදී අල්කයිඩා ත්රස්තවාදීන් ඉලක්ක කරගනිමින් එක්සත් ජනපදය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 February 2019
කෙන්යාවේදී ගුවන් යානා අනතුරකින් 5 ක් මරුට කෙන්යාවේ නයිරෝබි නුවරට බටහිර ග්‍රේට් රිෆ්ට් වැලි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 14 February 2019
ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 ක් මරුට දකුණු ඉරානයේ සිදුවූ මරාගෙන මැරරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 14 February 2019
න්‍යෂ්ටික බලාගාර වහන්න ස්පාඤ්ඤය තීරණය කරයි ඉදිරි කාලයේදී තමන් සතුව ඇති න්‍යෂ්ටික බලාගාර හතම වසා දැමීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත. මේ අනුව 2025 වසරේ සිට 2035 දක්වා කාලයේදී එම න්‍යෂ්ටික බලාගාර වසා දැමෙනු ඇත. 13 February 2019
හයිටි රාජ්‍යයේ විරෝධතා වලින් 6ක් මරුට ආණ්ඩු විරෝධී විපක්ෂ කැරලිකරුවන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්රින්ස්හිදී සිදුකරන විරෝධතා දිගින් දිගටම පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 February 2019
වෙනිසියුලාව ඉන්දියාවට දෙන ඉන්ධන ප්‍රමාණය දෙගුණ කරන්න යයි වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ සමාගම ඉන්දියාවට කරන ඉන්ධන අපනයන දෙගුණ කිරීමට තීරණය කර ඇත. 13 February 2019
ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පිපිරීමකින් සිසුන් 12කට තුවාල ජම්මු කාශ්මීරයේ පුල්වාම දිස්ත්‍රික්කයේ ෆලායි- ඒ- මිලාට් නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වූ පිපිරීමකින් එහි ඉගෙනුම ලබමින් සිටි සිසුන් 12දෙනෙකු තුවාල ලබා ඇත. 13 February 2019
නයිජීරියාවේ මැතිවරණ රැළියකට සහභාගි වූ 14ක් මියයති නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි මහතාගේ මැතිවරණ ප්රචාරක රැළියකදී පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 13 February 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026