තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් මහත්මිය සිව්දින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වන බව එරට රජය නිවේදනය කරයි.
ජූලි මාසයේ දී තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිත අතර ඒ අතරවාරයේදී කැරිබියානු දූපත් කිහිපයකද සංචාරය කරනු ඇත.
තායිවාන රජයේ මෙම නිවේදනය චීනය කෝප ගැන්වීමට හේතු වී තිබේ. එමෙන්ම තායිවාන ජනාධිපතිනියට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදෙන්නැයි ද චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.
තායිවානය චීනයේ පළාතක් බවත්, තායිවානයට රාජ්‍යයක් හා ගනුදෙනු කිරීමට කිසිදු අයිතියක් නැති බවත්, චීනය නිරන්තරයෙන් අවධාරණය කරයි. චීනයත් ඇමෙරිකාවත් අතර පවතින සබඳතාවල වැදගත්ම කරුණක් වන්නේ එය යැයි ද චීනය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානය සමඟ නිල වශයෙන් සබඳතා නොපවත්වයි. එසේ වුවත් තායිවානයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සහකරුවා සහ එරට ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරුවා වන්නේ ඇමෙරිකාවය.
(රොයිටර් ඇසුරිනි)
055

2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවාන ජනපතිනිය ජූලියේ ඇමෙරිකාවේ සංචාරයක