ඉන්දියාවේ මුම්බායි නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව හේතුවෙන් තාප්පය කඩා වැටුණු බව බලධාරීහු පවසති.
කඳු බෑවුමක පිහිටි පැල්පත් සමූහයක් මතට තාප්පය වැටී ඇති බවත් මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත් ගිනි නිවන හමුදාව පවසයි.
මුම්බායි නගරයේ අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කිරීමට සිදුවී ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා සිදුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd