ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගොඩබැස්වීමට ගිය යානයක රෝද අඩංගු කුටියේ සැඟවී සිටියේ යැයි සැකකරන පුද්ගලයකුගේ සිරුර අසළ ගෙවත්තක වැටී තිබියදී හමුවී ඇතැයි වාර්තා වේ.
ක්ලැෆැම්හි ඔෆර්ටන් මාර්ගයේ ගෙවත්තකින් මෙම සිරුර හමුවී ඇත.
නයිරෝබි සිට පැමිණි කෙන්යා ගුවන් සේවයට අයත් යානයකින් මොහු ඇදවැටෙන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.
අසළ පිහිටි ගෙවත්තකට මිනිසෙකු ඇදවැටෙනු දුටු බව එම ප්‍රදේශයේ නිවැසියකු පවසා ඇත.
සිරුර ඇදවැටුණු ස්ථානයේ පිහිටි නිවසේ හිමිකරු පවසා ඇත්තේ විශාල ශබ්දයක් ඇසී ඉහළ මහලේ ජනේලයෙන් බලන විට ලේ වැකුණූ සිරුරින් යුතු මිනිසෙකු බිමවැටී සිටිනු දුටු බවයි.
මිදුලේ හා බිත්ති වලද ලේ විසිරී තිබුණු බවත් සිරුර හඳුනාගත නොහැකි තරම් පොඩි වී තිබුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ගුවන් ගමන් නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයකු ද මෙම සිද්ධිය නිරීක්ෂණය කර ඇතැයි පොලිසිය පවසයි.
කෙන්යා ගුවන් යානයේ රෝද කට්ටල රඳවන කුටියේ තිබී බෑගයක්, ජලය සහ ආහාර සොයාගෙන තිබේ.
පොලිසිය පවසන්නේ එසේ ඇදවැටුණේ නයිරෝබි ගුවන්තොටුපළ සේවකයකු බවට සැකකරන බවයි. මෙවැනි සිදුවීම් විටින් විට වාර්තා වන බව හීත්‍රෝ ගුවන් බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙන්යානු ගුවන් යානයක සැඟවී ගිය පුද්ගලයකු ලන්ඩනයට ඇද වැටෙයි
polish Friday, 05 July 2019 06:31 AM
මෙම පුද්ගලයට නින්ද යාම නිසා හෝ සිහි නැතිව ගිය නිසා දොර විවෘත කරන විට පහලට වැටෙන්න ඇති නියමුවා කලින් දැනුම් දුන්නේ නම් අනතුර මග හැර ගන්න තිබුණා