IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් නවදෙනකුට මරණ දඬුවම

වසර 1994දී  බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත්කිරීමට එරෙහිව එරට අධිකරණය විසින් ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් නවදෙනකුට මරණ දඬුවම ද තවත් පුද්ගලයින් 25දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ද නියම කර ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් 13 දෙනකුට වසර 10 බැගින් සිරදඬුවම් ද නියම කර ඇතැයි වාර්තා වේ.

ඒ වන විට ෂෙයික් හසීනා බංගලාදේශයේ විපක්ෂ නායිකාව වූ අතර ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙගම් ඛලීඩා සියා අගමැතිනිය විය.

මේ වන විට ඛලීඩා සියා හා ඇගේ බංගලාදේශ ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය වේ.

ෂෙයික් හසීනා ගමන් කළ දුම්රියට බෝම්බ වීසි කර වෙඩි තබා ඇයව ඝාතනය කිරීමට තැත් කළ බව සැකකරුවන්ට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාව විය.

ඩකා අගනුවරින් කිලෝමීටර් 160ක් දුරින් පිහිටි පබ්නා නගරයේදී මෙම ප්‍රහාරය එල්ල විය.

රජයට එරෙහිවන්නන් හා විවේචනය කරන්නන් මර්දනය කිරීම සහ සිරගත කිරීම සම්බන්ධව හසීනාගේ රජය වෙත චෝදනා එල්ල වී ඇති අතර හිටපු අගමැතිනී ඛලීඩා සියා ද දූෂණ චෝදනා මත මේවනවිට සිරගතව සිටියි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් නවදෙනකුට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1095 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site