බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරු පිහිටි ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් සෙසු පිරිස ආරක්ෂිත ස්ථාන වෙත ගෙනගිය බව බලධාරීහු පවසති.
පවුල් 3000ක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.ගංවතුර හා නායයෑම් හේතුවෙන් පැල්පත් බොහොමයක් විනාශ වී ඇත.
කඳවුරේ පිහිටුවා තිබූ පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ද විනාශ වී ඇතැයි පැවසේ. වර්ෂාව දිගින් දිගටම පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
මෙම කඳවුරු ප්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාතයින් 700000ක් පමණ වෙසෙන බව සඳහන් වේ. ආසන්න මියන්මාරයේ පදිංචිව සිටි මෙම සුළුතර මුස්ලිම් ජාතිකයින්ට 2007 වර්ෂයේදී සිදුකළ හිංසා හේතුවෙන් බංගලාදේශයට පලා ඒමට සිදුවිය.
යුනිසෙෆ් සංවිධානය පවසන්නේ වර්ෂාව හේතුවෙන් මොවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි.
(බීබීසී ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් ජලයෙන් යටවෙයි