රටවල් දෙක අතර තිබෙන වෙළෙඳ යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව චීනයට පනවා තිබෙන තීරුබදු ඉවත් කළ යුතු යැයි චීන වාණිජ අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් දෙරට අතර තිබෙන වෙළෙඳ යුද්ධය අවසන් කරමින් යුද විරාමයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දෙරටේ වෙළෙඳ කණ්ඩායම් අදහස් හුවමාරු කරගත් බව චීන වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ග්වෝ ෆෙන්ග් මහතා පැවැසීය.
ඇමෙරිකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළෙඳාම අතර අර්බුද ඇතිවූයේ ඇමෙරිකාව චීන අපනයන මත ඒකපාර්ශ්වීය ලෙස තීරුබදු පැනවීමෙන් සහ පනවා තිබූ තීරුබදු ඉහළ දැමීමෙන් යැයි ද හෙතෙම පැවැසීය. සතිපති මාධ්‍ය හමුවට එක්වෙමින් ග්වෝ ෆෙන්ග් මහතා එම කරුණු සඳහන් කළේය.
“පාර්ශ්ව දෙකට එකඟතාවකට එන්න පුළුවන් නම් පනවා තිබෙන තීරුබදු සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් චීනයේ මතය පැහැදිලියි. එය අඛණ්ඩව තිබෙනවා” යැයි ග්වෝ කීය.
චීනය පොරොන්දු කඩකළ බවට චෝදනා කරමින් ඇමෙරිකාව පසුගිය මැයි මාසයේදී දෙරට අතර පැවැති සාකච්ඡාවලින් ඉවත් විය. ඉන් අනතුරුව ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට ඇමෙරිකානු ඩොලර් බිලියන 360 තීරුබදු පනවා ගත්හ.
ජපානයේ පැවැති ජී20 සමුළුවේදී වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේ නායකයෝ එකඟ වූහ.
චීන අපනයන මත නව තීරුබදු නොපනවන බවත් චීනයේ විදුලි සංදේශ සේවා සමාගක් වන හුවාවි සමාගම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකානු - චීන වෙළඳ යුද්ධය අවසන් කරන්න තීරුබදු ඉවත් කළ යුතුයි
රවින් Friday, 05 July 2019 12:21 AM
ඔං වැඩ. ඇමරිකාවට හරියට කෙලින් හිටියොත් බොරු සෝබන අකුලා ගන්නවා. මෑත අතීතයේ සිද්ද වුනු දේවලින් එය හොඳට පැහැදිලියි.