ලබන වසරේ මාර්තු මාසය දක්වා තෙල් නිෂ්පාදනය කපා හැරීමට ‘ඔපෙක්’ සංවිධානය තීරණය කර ඇත.
තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) සහ රුසියාව ඔස්ට්‍රියාවේ වියානා නුවරදී මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.
ගෝලීය ආර්ථිකය දුර්වලවීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදනය ඉහළ යෑම නිසා තෙල් මිල පහත වැටීම නැවැත්වීම අරමුණු කරගනිමින් රුසියාවේ මූලිකත්වය ඇතිව ඔපෙක් සංවිධානය එම තීරණය ගෙන ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එල්ල වන තරගකාරීත්වය නිසා ඔපෙක් සංවිධානය සහ තෙල් අපනයනය කරන එම සංවිධානයේ මිත්‍ර රටවල් 2017 වසරේ සිට තෙල් සැපයුම සීමා කර තිබේ.
ඇමෙරිකාව මේ වනවිට රුසියාව සහ සවුදි අරාබිය ද පසු කරමින් ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදනය කරන රට බවට පත්ව තිබේ.
(රොයිටර් ඇසුරිනි)
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ඔපෙක්’ ලබන මාර්තුව තෙක් තෙල් නිපදවීම කපාහරී