ටියුනීසියාවට ආසන්න මුහුදේදී අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි 14දෙනකුගේ සිරුරු වෙරළාරක්ෂක භටයින් විසින් සොයා ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
 

ටියුනීසියානු ධීවරයන් විසින් හතරදෙනකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු ද රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
 
යාත්‍රාවේ සරණාගතයින් 80දෙනකු පමණ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු ගිලී මියයන්නට ඇතැයි විශ්වාස කරන බව ආරක්ෂක අංශ පවසයි.
 
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය වෙත යෑමට පැමිණි අප්‍රිකානු ජාතිකයින් පිරිසකි.
 
පසුගිය මැයි මාසයේ ද ටියුනීසියාවට ආසන්න මුහුදේදී සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලීයෑමෙන් 65දෙනෙක් මියගියහ.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)