යුක්රේනයේ කතෝලික නායකයා වතිකානුවට පැමිණීමට දිනකට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බැහැ දුටුවේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමඟ අර්ථාන්විත සහ ඵලදායී කතාබහක් සිදු වූ බවත් ඊට කෘතඥ වෙන බවත් පාප්තුමන් බැහැ දැකීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා කීය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර අවස්ථා දෙකකදී පාප්තුමන් බැහැ දැක තිබෙන අතර මෙවර ඔහු පැමිණියේ පැයක් ප්‍රමාද වීය. රුසියානු ජනාධිපති පුටින් පාප්තුමන් බැහැ දුටු පළමු අවස්ථාවේදී මිනිත්තු 50ක් ප්‍රමාද වූ අතර දෙවැනි අවස්ථාවේදී පැයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද විය.
පාප්තුමන් බැහැ දකින ලෝක නායකයන් ඇතැම් අවස්ථාවලදී නියමිත වේලාවටත් කලියෙන් පැමිණෙන අතර රුසියානු ජනාධිපතිවරයා අවස්ථා ත්‍රිත්වයේදීම ප්‍රමාද වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. රුසියානු ජනාධිපතිවරයා පාප්තුමන් පළමු වරට බැහැ දුටුවේ 2013 වසරේ වන අතර දෙවැනි වරට බැහැ දුටුවේ 2015 වසරේදීය.
රුසියානු ජනාධිපතිවරයා සහ පාප්තුමන් අතර කතාබහ විනාඩි 55ක් මුළුල්ලේ පැවැත්විණි. “මා වෙනුවෙන් වෙන් කළ කාලයට ස්තූතියි” යනුවෙන් කතාබහ අවසානයේදී රුසියානු ජනාධිපති පුටින් කීය.
පාප්තුමන් සහ රුසියානු ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගත්තේ පරිවර්තකයන්ගේ සහායෙනි. පාප්තුමා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සිදු වූ කතාබහේදී සිරියාව, යුක්රේනය සහ වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රොයිටර් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රුසියානු ජනපති පාප්තුමා බැහැදකී