ප්‍රථම වරට අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත.
ග්‍රීසියෙන් සොයාගෙන ඇති මෙම හිස්කබල වසර 210000ක් තරම් පැරණි බවට කාල නිර්ණය කර තිබේ.
එම කාලයේ යුරෝපයේ නියැන්ඩර්තාල් මානවයක් ජීවත් වී ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති. මෙම නූතන මානවයන්ගේ පූර්වජයන් අප්‍රිකාවේ සිට සංක්‍රමණය වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
1970 වර්ෂයේදී ග්‍රීසියේ ඇපිඩිමා ගුහාවෙන් සොයාගත් හිස්කබල් දෙකක් ආශ්‍රිතව දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණවලින් පසුව විද්‍යාඥයන් මෙම නිගමනවලට එළඹ ඇත.
මෙම සොයාගැනීම් 'නේචර්' සඟරාවේ පළ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනේ
Gunarathna Friday, 12 July 2019 06:04 PM
හෝමෝ නියැන්ඩර්තාල්, හෝමෝ ඉරෙක්ටස් වැනි විවිධ මානවයන් යයි කියන සතුන් වර්ග විවිධ කාලවල ඉඳලා තියනවා. තව ඕනෑතරම් ඔවැනි ඉස්සර ඉඳලා වඳවුණු වර්ග හමුවෙයි. නමුත් මිනිසා මිනිසා ලෙසයි මෙලොව ඇතිවන්නේ.. නැතුව මිනිස් වානර පර්ණාමනය කතෝලිකයෙක් වූ ඩාවින්ගේ හිතේ ඇතිවූ හිතලුවක් ඇත්ත (ඔහුගේ චින්තනය යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිසා) තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ආභස්සර බ්‍රහ්මලොකෙන් චුතවෙලා තමයි මිනිසුන් හටගන්නේ.. බුදුසරණයි..!!
සෙනෙවිරත්න Saturday, 13 July 2019 02:31 AM
මේ කතාකරන්නේ නලීන් සිල්වා මහත්මයා නේද? එතුමා තමයි නාථ දෙවියන් වගේ අයත් සමග අදහසක් හුවමාරු කරගන්නේ...
Asela TharangaSaturday, 13 July 2019 08:46 AM
විකාර කියවන්නේ නැතුව ඒ කියලා තියෙනටික අවබෝද කරගන්න උත්සහ කරන්න. එතුමා (ගුණරත්න). කවුරු වුණත් මොකද? ඔබතුමා බෞද්ධයෙක් නම් වෙන්න බැහැ.