ලිබියාවේ අගනුවර ට්‍රිපොලි ආසන්නයේ පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන් වේ.
මියගිය බොහෝදෙනා අප්‍රිකානු ජාතිකයන් වන අතර මොවුන් ලිබියාවේ සිට හොර රහසේ යුරෝපයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් පැමිණි පුද්ගලයින් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ රැඳවියන් 120ක් පමණ සිට ඇති අතර මෙම ටජෝරා රැඳවුම් මධ්‍යස්ථානයේ 600ක පමණ සරණාගතයින් පිරිසක් රැඳී සිටින බව පැවසේ.
රජයේ අනුග්‍රහය සහිතව පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන වල දහස්ගණන් පිරිස් රඳවා සිටිති.
රජයට ප්‍රතිවිරුද්ධ හමුදා නායක ජෙනරාල් කලීෆා හෆ්ටා මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්දව ලිබියානු රජයේ හමුදාවට චෝදනා කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිබියාවේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්:40ක් මරුට