IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හුවාවි සමාගමේ නඩුව ඉවත්කරන්නැයි ඉල්ලා ඇමෙරිකාවෙන් මෝසමක්

ඇමෙරිකානු රජය නීතිවිරෝධීව කටයුතු කළ බවට චෝදනා කරමින් හුවාවි සමාගම පනවා තිබෙන නඩුව ඉවත් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකානු රජය එරට දිස්ත්‍රික් අධිකරණයකට මෝසමක් ඉදිරිපත් කර ඇත. 

හුවාවි සමාගමේ නිෂ්පාදන අසාදු ලේඛන ගත කළ අවස්ථාවේදී ඇමෙරිකා එක්සත් ජනපද රජය නීතිවිරෝධීව කටයුතු කළැයි චෝදනා කරමින් චීනයේ හුවාවි සමාගම එම නඩුව ගොනු කළේය.

හුවාවි සමාගම පසුගිය මාර්තු මාසයේ දී ඇමෙරිකානු රජයට එරෙහිව මෙම නඩුව පැනවීය. ඇමෙරිකාව තුළ හුවාවි සමාගම ව්‍යාපාර කටයුතු සීමා කිරීමට එරට රජය ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා විරෝධී යැයි පවසමින් හුවාවි සමාගම එම නඩුව පැනවීය.

හුවාවි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර මේ වනවිට පවතින වෙළඳ යුද්ධයේ කොටසක් වන අතර මෙම වෙළෙඳ යුද්ධය නිසා ලොව පුරා මූල්‍ය වෙළෙඳපොළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

කෙසේ නමුත් ජපානයේ පැවැති ජී-20 සමුළුව අතරවාරයේ දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මුණ ගැසුණු අතර හුවාවි සමාගමට පනවා තිබෙන සීමා ලිහිල් කිරීමට එහිදි ඇමෙරිකානු ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය. 

ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්ට අනුව ලබන සතියේ දී දෙරටේ නියෝජිතයන් අතර වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ද වාර්තා වේ. හුවාවි සමාගම තවදුරටත් අසාදු ලේඛන ගත කර ඇති බැවින් එම සමාගමට අවශ්‍ය ආනයන නිෂ්පාදන සඳහා ඇමෙරිකානු සමාගම් වලින් කෙරෙන බලපත්‍ර ඉල්ලීම් තවදුරටත් “ඉහළම ජාතික ආරක්ෂාව” යන කරුණු සළකා බලමින් දැඩි සුපරීක්ෂාවට ලක් කරන බව ඇමෙරිකානු රජය පෙරේදා (3) සඳහන් කළේය.

ඇමෙරිකානු රජය ඉහත කී මෝසම ඉදිරිපත් කර ඇත්තේ නැගෙනහිර ටෙක්සාස් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අධිකරණයකටය. මුල් පැමිණිල්ල ගොනු කරන ලද්දේ ද මෙම අධිකරණයටය. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

හුවාවි සමාගමේ නඩුව ඉවත්කරන්නැයි ඉල්ලා ඇමෙරිකාවෙන් මෝසමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site