IMG-LOGO

ජපානය යළි තල්මසුන් දඩයමේ

ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන නොතකා ජපානය අවුරුදු 30කට පසු නැවතත් තල්මසුන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තල්මසුන් මැරීමට යොදාගන්නා යාත්‍රාවකින් අද සිය ප්‍රථම තල්මස් දඩයම කළ බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.

ජපානයට අයත් මුහුදු තීරය ඇතුළත මෙම වසර තුළදී තල්මසුන් 227ක් දඩයම් කිරීම සඳහා යාත්‍රාවලට අවසර නිකුත් කර ඇතැයි සඳහන් වේ.

1986 වර්ෂයේදී ජපානය තල්මස් දඩයම නතර කළද පර්යේෂණ සඳහා යැයි පවසමින් දිගින් දිගටම තල්මස් දඩයමේ යෙදුණු බව වාර්තා විය.

තල්මස් දඩයම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසමෙන් ද ජපානය ඉවත් වී ඇති හෙයින් එහි නීති රීති අනුගමනය කිරීමට ජපානය තවදුරටත් බැඳී නැතැයි වාර්තා වේ.

මෙම සංගමයේ සාමාජික රටවල් තල්මසුන් නොමරන බවට එකඟ වී ඇති නමුත් ජපානය ඔවුන්ගේ  තල්මසුන් මරාදැමීම ආරම්භ කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)


 

 



අදහස් (0)

ජපානය යළි තල්මසුන් දඩයමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1270 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 584 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site