මාලදිවයිනේ නව ජනපති හෙට දිවුරුම් දෙයි මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි හෙට (17) එම ධූරයේ දිවුරුම් දීමට නියමිතය. 16 November 2018
ට්‍රම්ප් නොමැතිව ආසියාන් සමුළුව ඇරඹේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය. 16 November 2018
ලෝක ඉවසීමේ දිනයට දෙදින සමුළුවක් ලෝක ඉවසීමේ දිනය පිළිබඳ දෙදින සමුලුවක් ඊයේ සහ අද එක්සත් අරාබි එමිර් රාජයයේ ඩුබායි හිදී උත්කර්ශවත් අන්දමින් පැවත්විණ . 16 November 2018
ඉන්දු -පැසිපික් කලාපයේ සහයෝගීතාවයට වැඩි අවධානය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය සිංගප්පූරුවේදී හමුවී කලාපීය උපදේශනය, පොදු අවශ්‍යතා සහ ගෝලීය ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරමින් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වූහ. 16 November 2018
න්‍යෂ්ටික ගිවිසුම ගැන පුටින් ඇමෙරිකා උප ජනපති සමඟ සාකච්ඡා ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව රුසියානු ජනාධිපති පුටින් පැවැසීය. 16 November 2018
‘දකුණු චීන මුහුද එක් රටකට හිමි නෑ’ දකුණු චීන මුහුද එක් රටකට පමණක් හිමි නැතැයි ද ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ යාත්‍රා ගමන් ගන්නා බවත් ඊට ඉහළින් පියාසර කරන බවත් එරට උප ජනාධිපති මයික් පෙන්ස් අද (16) පැවැසීය. 16 November 2018
ජනපති ෂී ජින්පින්ග් පැපුවා නිව්ගිනියාවට ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් බ්‍රහස්පතින්දා (15) පැපුවා නිව්ගිනියාවට පැමිණියේය. 16 November 2018
තලේබාන් ප්‍රහාර වලින් ඇෆගනිස්ථාන භටයින් 30ක් මරුට තලේබාන් කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයන් 30ක් මියගොස් ඇත. 16 November 2018
කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් මිය ගණන 66 දක්වා ඉහළට උතුරු කැලිෆෝනියාවේ පැතිරී යන ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 November 2018
කොරියානු ට්‍රෝලර් යාත්‍රාවක් - ජපාන ධීවර බෝට්ටුවක් එකිනෙක ගැටේ දකුණු කොරියානු ට්‍රෝලර් යාත්‍රාවක් හා ජපාන ධීවර බෝට්ටුවක් ජපාන මුහුදේදී එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රෝලර් යාත්‍රාවේ සිටි නාවිකයන් 13දෙනාම අවට යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්ටු මගින් බේරා ගැනීමට සමත් වී ඇතැයි බලධාරීහු පවසති. 15 November 2018
කශොග්ජිගේ ඝාතනයට සෞදි ඔටුන්න හිමි කුමරු සම්බන්ධ නෑ මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය. 15 November 2018
කුවේටයේ ගුවන් තොටුපල වැඩ නවතී අධික වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුවේටයට ගුවන් ගමන් පැමිණීම හා පිටවීම තාවකාලික අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 November 2018
ජපානය විදේශ ශ්‍රමිකයන් බලාපොරොත්තු වෙයි රටේ කම්කරු හිඟය නිසා විදේශීය ශ්‍රමිකයන් 345,000 කට 2023 දී රැකියා ලබාදීමට ජපන් රජය අපේක්ෂා කරයි. 15 November 2018
ඩොමිනික් රාබ් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එරට ‘බ්‍රෙක්සිට්’ අමාත්‍ය ඩොමිනික් රාබ් අද (15) එම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. 15 November 2018
වසර 9කට පසු සම්බාධක ඉවතට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වසර 9කට පසුව එරිත්‍රියාව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇත. 15 November 2018
ඊශ්‍රායල අාරක්ෂක ඇමැති ඉල්ලා අස් වෙයි ගාසා තීරයේ සටන් කරන පලස්තීන ගරිල්ලන් සමඟ සටන් විරාමයක් ඇති කර ගැනීමට ගනු ලැබූ කැබිනට් තීරණයත් සමඟ ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැති ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ. 14 November 2018
ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි ආයතනයේ කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරිහු සඳහන් කරති. 14 November 2018
ඊශ්‍රායල - පලස්තීන ගැටුම් යළිත් ඊශ්‍රායලයේ කමාන්ඩෝ බළඇණිය ගාසා තීරයේ සිදුකළ මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා හා පලස්තීන සටන්කාමීන් අතර යළි ගැටුම් ඇවිළී තිබේ. 13 November 2018
‘ආර්ථිකය තවදුරටත් විවෘත කරනවා’ ඉදිරියේදී ආර්ථිකය තවදුරටත් විවෘත කරන බව චීන අගමැති ලී කචන්ග් පැවැසීය. 12 November 2018
කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් 25 ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතීරි ගිය ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 11 November 2018
ජෝර්දානයේ ගංවතුරින් 11 ක් මරුට ජෝර්දානයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති අතර පෞරාණික පෙට්රා නගරයේ පමණක් විදෙස් සංචාරකයන් 4000ක් පමණ ඉවත් කල බව බලධාරීහු වාර්තා කරයි. 11 November 2018
චීනයට - ඕස්ට්‍රේලියාවට සහයෝගයෙන් කටයුතු කළ හැකියි ශාන්තිකර දූපත් සම්බන්ධයෙන් චීනයට සහ ඕස්ට්‍රේලියාවට සහයෝගයෙන් කටයුතු කළ හැකි යැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (8) පැවැසීය. 08 November 2018
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය නැවතත් අවදානම් සහිත අගයකට ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝගද නොතකමින් දීවාලි උත්සවය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. 08 November 2018
ඇමෙරිකාවේ නීතිපති තනතුරින් පහ කරයි රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙසන් ධුරයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 08 November 2018
කැමරූන් රාජ්‍යයේ පාසලකින් පැහැරගත් දරුවන් නිදහස් කෙරේ කැමරූන්හි පැහැරගත් පාසැල් දරුවන් සහ රියදුරා නිදහස් කර ඇති අතර පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරයෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ. 07 November 2018
කිම් ජොන්ග් ලබන වසරේ රුසියාවේ සංචාරයක උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන වසරේදී රුසියාවේ සංචාරයක නිරත වනු ඇතැයි බලාපොරොත්තු වන බව ක්‍රෙම්ලීනය අද (7) සඳහන් කළේය. 07 November 2018
ට්‍රම්ප් - පුටින් හමුව 11 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ මස 11 වැනිදා මුණ ගැසෙනු ඇතැයි ක්‍රෙම්ලීනය සඳහන් කරයි. 07 November 2018
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ගිලිහෙයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ප්‍රබල පහරක් එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව සිටි. 07 November 2018
එංගලන්තයට පනින්න ශීත කාමරයක සැඟවීසිටි 25ක් අත්අඩංගුවට එංගලන්තයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් සසෙක්ස් ප්‍රාන්තයේ නිව්හැවන් වරායේ නවතා තිබූ ලොරියක ශීත කාමරයේ සැඟවී සිටි 25 දෙනකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 07 November 2018
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සාමාජිකයෝ 20 ක් මියයති ඇෆ්ගනිස්ථානයේ බටහිර ඉරාන දේශසීමාවේ පිහිටි මුරපලකට තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රජයේ හමුදා සාමාජිකයන් 20ක් මියගොස් ඇතැයි වාර්තා වේ. 06 November 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026