බංග්ලාදේශයේ දකුණු දිග පටුවාකාලි දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන චීන හා බංග්ලාදේශ ජාතිකයින් අතර ඇතිවූ ගැටුමකින් චින ජාතිකයකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
මේ වනවිට සිද්ධිය පාලනය කර ඇති අතර පොලිසිය පවසන්නේ ඒ සඳහා දහසක පමණ නිලධාරීන් පිරිසක් යෙදවීමට සිදුවූ බවයි.
චීන ආධාර මත ඉදිවන මෙම බලාගාරයේ සේවය කළ බංගලාදේශ ජාතිකයකු ඇද වැටී මියයෑමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වී තිබේ.
පසුගිය අවුරුදු කිහිපය තුළ චීනය බංගලාදේශයේ බොහෝ ආයෝජනයන් සිදුකළ අතර ඒවායේ සේවය කිරීමට පැමිණි චීන ජාතිකයින් හා බංගලාදේශ වැසියන් අතර බොහෝවිට නොසන්සුන්තාවයන් වර්ධනය වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බංගලාදේශයේ ඉදිකිරීම් වැඩබිමක ගැටුමකින් චීන ජාතිකයෙක් මරුට