බංග්ලාදේශයේ දකුණු දිග පටුවාකාලි දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන චීන හා බංග්ලාදේශ ජාතිකයින් අතර ඇතිවූ ගැටුමකින් චින ජාතිකයකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.  

මේ වනවිට සිද්ධිය පාලනය කර ඇති අතර පොලිසිය පවසන්නේ ඒ සඳහා දහසක පමණ නිලධාරීන් පිරිසක් යෙදවීමට සිදුවූ බවයි.

චීන ආධාර මත ඉදිවන මෙම බලාගාරයේ සේවය කළ බංගලාදේශ ජාතිකයකු ඇද වැටී මියයෑමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වී තිබේ.‍

පසුගිය අවුරුදු කිහිපය තුළ චීනය බංගලාදේශයේ බොහෝ ආයෝජනයන් සිදුකළ අතර ඒවායේ සේවය කිරීමට පැමිණි චීන ජාතිකයින් හා බංගලාදේශ වැසියන් අතර බොහෝවිට නොසන්සුන්තාවයන් වර්ධනය වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)