IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


හොංකොං රාජ්‍යයේ ගැටුම්වලින් 72 කට තුවාල

චීනයේ හොංකොං රාජ්‍යයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් 72දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු බරපතල තත්ත්වයේ පසුවන අතර පොලිස් නිලධාරීන් නව දෙනකු රෝහල් ගතකර ඇත.

හොංකොං රජය විසින් ගෙන එන ලද පිටුවහල් කිරීමේ නව පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදුණ අතර පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට උත්සාහ කළහ.

දෙපාර්ශවය අතර පැය ගණනාවක් තිස්සේ පැවති ගැටුම් වලින් පසුව මේ වනවිට විරෝධතාකරුවන් පසුබැසගොස් සිටින බව මාධ්‍ය සඳහන් කර ඇත.

කෙසේ වුවද  මානව හිමිකම් සංවිධාන පොලිසිය වෙත චෝදනා එල්ල කරමින් සඳහන් කර ඇත්තේ පොලිසිය විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා අසාධාරණ ලෙස බලය පාවිච්චි කළ බවයි.

දැඩි විරෝධතාවයන් හමුවේ වුවද හොංකොං බලධාරීහු පනත හකුලා ගැනීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ඊයේ(12) පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථාදායක සභාව යෝජනාවේ දෙවන වර කියවීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

හොංකොං රාජ්‍යයේ ගැටුම්වලින් 72 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1352 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 495 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 591 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site