නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය බදාදා (13) සොල්දාදුවන් 20 දෙනෙකු මරා දැමූ බව අයිඑස් සංවිධාන පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය අයිඑස් සංවිධානයේ බුද්ධි අංශ තොරතුරු අඩංගු වෙබ් අඩවියක පලකර ඇතැයි සඳහන් වේ.
බෝකෝහරාම් නමින් හඳුන්වන නයිජීරියානු ඉස්ලාම් ත්‍රස්තයින්ගෙන් 2016 වර්ෂයේදී වෙන්වී ගිය කොටසක් මෙසේ ප්‍රහාර එල්ල කරන බව බලධාරීහු පවසති.
අයිඑස් සංවිධානයට සම්බන්ධ මොවුන් පසුගිය මාස කිහිපය පුරා ඊසාන දිග පෙදෙසේ ප්‍රහාර එල්ල කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd