(තිළිණි ද සිල්වා)
පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු එරට රජය විසින් නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
මෙලෙස මුදා හැර ඇත්තේ මාතර මිරිස්ස ධීවර වරායෙන් මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසකි.
ඉකුත් මාර්තු මස 26 වැනිදා ඔවුන් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණි.
පකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිට නිදහස ලැබූ ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd