ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වසංගත තත්ත්වයෙන් පැතිරී යන එන්සෙෆලයිටීස් රෝගය හේතුවෙන් ජුනි මාසයේ දී කුඩා දරුවන් 100කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
අවුරුදු දහයට අඩු ළමුන් 200කට අධික පිරිසක් මේවනවිටත් ප්‍රාන්තයේ රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටිති.
හිසරදය හා වමනය රෝග ලක්ෂණ මූලිකව පෙන්නුම් කරන අතර පසුව මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ වී රෝගියා කෝමා තත්ත්වයකට පත්වන බවද හෘදයට හා වකුගඩුවලට හානි කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මියගිය දරුවන් බොහෝදෙනා රුධිරයේ සීනි අඩුවීමේ රෝග ලක්ෂණ පෙන්වූ බව වෛද්‍යවරු පවසති.
වැඩි පිරිසක් මියගොස් ඇත්තේ මුසෆර් නගරයෙනි.මෝසම් කාලයේ මෙම රෝග තත්ත්වට ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බවත් කුඩා දරුවන් බොහෝදෙනකු රෝගයට ගොදුරු වන බවත් සඳහන් වේ.
1970 වර්ෂයේදී හඳුනාගත් මෙම රෝගය බිහාර් සහ උත්තර ප්‍රාන්ත වල පැතිරයෑම හේතුවෙන් දහස් ගණනක් දරුවෝ මියගියහ.
2005 වර්ෂය තෙක් දරුවන් වැඩිපුර මියගොස් ඇත්තේ ජාපනීස් එන්සෙෆලයිටීස් රෝගයෙන් වන නමුත් මේ වන විට වැඩිපුර පැතිර යන්නේ එන්සෙෆලයිටීස් වෛරසයේ වෙනත් ප්‍රබේද බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ එන්සෙෆලයිටීස් රෝගයෙන් දරුවන් 100 ක් මරුට