කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් රැගත් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රථයේ පොලිස් නිලධාරීන් 11දෙනෙකු ගමන් කර ඇති අතර තහවුරු කර නොගත් ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ නිලධාරීන් 10දෙනකු මියගිය බවය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
කෙසේවුවද කෙන්යාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනුයේ සෝමාලි ඉස්ලාම් කැරලිකරුවන් බව මාධ්‍ය සඳහන් කර ඇත.
මීට දිනකට පෙර කෙන්යාවේ ඊසානදිග සෝමාලි දේශසීමාව ආසන්නයේ පොලිස් නිලධාරීන් තිදෙනකු ඝාතනය කිරීමේ වගකීම සෝමාලි අල් ශබාබ් කැරළිකරුවන් විසින් බාරගන්නා ලදී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd