IMG-LOGO

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ හුවමාරු කරගත් පුද්ගලයෙකුට සිරදඬුවම්

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සජිවි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු කරගත් පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් මාස 21ක සිරදඬුවමක් පනවා ඇත.

මෙම පුද්ගලයා අදාල වීඩියෝ දර්ශනය තවත් පුද්ගලයන් 30දෙනකුට යවා තිබුණු අතර එම දර්ශන යොදාගෙන සංස්කරණය කරන ලද වීඩියෝවක් ද සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

පිලිප්ස් අර්ප්ස් ක්‍රයිස්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේදී මෙම චෝදනාවලට වරදකරු බව පිළිගත්තේය.

ආර්ප්ස්ගේ ක්‍රියාව මුස්ලිම් ප්‍රජාව සමඟ වෛරයෙන් යුතුව කළ අපරාධයක් බවත් කෲරත්වය පිළිබිඹු වන බවත් විනිසුරුවරයා සිය දේශනයේදී පැවසීය.

පසුගිය මාර්තු 15වැනිදා ආගමික වතාවත් පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයකට සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 51දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ හුවමාරු කරගත් පුද්ගලයෙකුට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1263 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site