චිනයේ දකුණු දිග ප්‍රදේශයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පස්දෙනකු මියගොස් තවත් විශාල පිරිස් අවතැන්ව ඇතැයි වාර්තා වේ.
නිවාස සියගණනක් සහ වගා භූමි අක්කර දහස් ගණනක් ද විනාශ වී ඇත.
ගිශෝ පළාතේ නගරයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර මීටර් දෙකක් පමණ උසට ජලය පිරී ඇතැයි වාර්තා වේ.
වාර්තාගත වර්ෂාපතනක් ඇද හැලීම හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණික අංශ සඳහන් කරයි.
බලධාරීන් පවසන්නේ මෙම ගංවතුර තත්ත්වය තව දින කිහිපයක් යනතුරු පවතිනු ඇති බවයි.
ඉදිරි දින වලදී මෙම වැසි සහිත කාළගුණික තත්ත්වය අනෙක් පළාත් වලටත් බලපානු ඇති බවට ද කාළගුණික අංශ අනතුරු අඟවා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීනයේ දරුණු ගංවතුරකින් 5 ක් මරුට