ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා අධිකරණ ශාලාව තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඔත්තු බැලීමේ චෝදනා මත නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී ඔහු මියගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
 2013 වර්ෂයේදී ඊජිප්තු හමුදාව විසින් බලයෙන් පහකරන ලද ඒ මහතා මියයන විට 67වන වියේ පසුවිය.
 
ඊජිප්තු ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අවුරුද්දකට පසු ඇතිවූ දැවැන්ත විරෝධතා හේතුවෙන් ඔහුව බලයෙන් පහ කෙරිණි.
 
එතැන් සිට මෝර්සි මහතා සිරගතවී සිටියේය. දේහය රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)