නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 30දෙනකු  මියගොස් 42දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙය මෙම වසරේ ඇතිවූ දැවැන්තම බෝම්බ ප්‍රහාරය බව මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැත.   

කොන්ඩුගා ගම්මානයේ පාපන්දු තරඟයක් නරඹමින් සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් වෙත මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවිය.

තුවාල ලැබූ අය මයිදුගුරි රෝහලට ඇතුළත් කර තිබේ.

බෝකෝ හරාම් ත්‍රස්තයින් සහ එයට සම්බන්ධ අයිඑස් කණ්ඩායම් විසින් නයිජීරියාවේ මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර නිතර එල්ල කරන බවත් ඔවුන්ගේ ඉලක්කය වන්නේ සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ බවත් පැවසේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)