නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 30දෙනකු මියගොස් 42දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙය මෙම වසරේ ඇතිවූ දැවැන්තම බෝම්බ ප්‍රහාරය බව මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැත.
කොන්ඩුගා ගම්මානයේ පාපන්දු තරඟයක් නරඹමින් සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් වෙත මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවිය.
තුවාල ලැබූ අය මයිදුගුරි රෝහලට ඇතුළත් කර තිබේ.
බෝකෝ හරාම් ත්‍රස්තයින් සහ එයට සම්බන්ධ අයිඑස් කණ්ඩායම් විසින් නයිජීරියාවේ මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර නිතර එල්ල කරන බවත් ඔවුන්ගේ ඉලක්කය වන්නේ සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ බවත් පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර 3ක්: 30ක් මරුට